ඇඳිරි නීතිය උල්ලංඝනය කර දිවයින පුරා අත්අඩංගුවට පත් පිරිස 12,223 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (02) උදැසන 6.00 සිට අද (03) උදෑසන 6.00 දක්වා ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1264 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගත වු පැය 24 ක කාලය තුළ එනම් ඊයේ (01) උදෑසන 6.00 සිට අද (02) උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1015ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

අද (29) උදෑසන 6.00 සිට අද දහවල් 12.00න් අවසන් වූ පැය 6ක කාලය තුළ ඇඳිරී නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 206 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

මොරොන්තුඩුව,මහගෝනදූව ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය සාදයක් වටලා සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හොරොව්පතාන,මුස්ලිම් පල්ලියක දේව මෙහෙයක් පවත්වන බවට ලද තොරතුරක් මත එයට සහභාගී වී සිටි 18 දෙනෙකු ඇඳිරි නීතිය කඩකල වරදට අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දිවයින පුරා පුද්ගලයින් 4018 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 02.00 යළි ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

update- (2020.03.23 පෙ.ව 11.15)

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1754ක් හා යතුරුපැදිය,ත්‍රීරෝද රථ ඇතුළු අනෙක් වාහන 447ක් අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධව පුද්ගලයින් 790 දෙනෙකු හා යතුරුපැදි, ත්‍රීරෝද රථ ඇතුළු අනෙකුත් වාහන 154ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News