ඇදිරි නීතිය කඩ කිරීම හේතුවෙන් මේ දක්වා 340කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. 

දිවයිනටම බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 118 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ එය කළ කළ පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු පොතුවිල්, රොට්ටායි ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගැනිණ.

බලපත්‍ර රහිත පිටතදහන යන්ත්‍රයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් මන්නාරම, වන්කාලෙයිපාඩු ප්‍රදේශයේ දී නාවික හමුදා බාරයට ගැනිණ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිශ්‍රයේ සිදු වූ අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඇතිමලේ,කොටියාගල රෑනත්තගල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී වියලී ගංජා කිලෝග්‍රෑම් තුන්දහස් දෙසිය තිහක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීම සිදුකළේ උඩවළව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් විසින්.

මීගමුව,පෙරියමුල්ල ප්‍රදේශයේ දී හෝටලයක් තුළ ඇති වු ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමට ආදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මහරගම පොලිස් වසමේ පසුගිය 8 වැනිදා පොලීසිය විසින් වටලන ලද ෆේස්බුක් සාදය සංවිධාන කළ පුද්ගලයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණ.

කැනඩාවේ උස්ස අධ්‍යාපන කටයුතු සදහා යන බව පවසා ව්‍යාජ ලේඛන සකස් කර මුදල් වංචා කිරීම හා ඊට අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News