ආසියානු සටන හෙට සිට

ජූලි 18, 2024

    ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය, දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වීමට නියමිතයි.

    ඊට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන්නේ, චමරි අතපත්තු.

    තරගාවලියට සහභගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්. හෙට ආරම්භ වන තරගාවලිය, ලබන 28 වැනිදා දක්වා පැවැත්වෙනවා. මූලික වටයේදී ‘ඒ’ සහා ‘බී’ ලෙස කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් තරග වදිනවා. ශ්‍රී ලංකාව ‍එහිදී ‘බී’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.

    තරගවලියේදී ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ලබන 20 වැනිදා බංග්ලාදේශය සමග පැවැත්වෙනවා.

    Latest News