අද තද සුළඟක්

ජූලි 22, 2024
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද (22) දින වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

    දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සඳහන් වනවා.

    මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවටද එම දෙපාර්තමේන්තුව පවසනවා..
     
    දිවයිනේ සෙසු ප්රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්යා දෙපාර්තමේතුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
     
     

    Latest News