දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු

ජූලි 15, 2024
    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

    එම දිස්ත්‍රික්ක වන්නේ කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුරයි.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලට සහ මහනුවර, නවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.
    එසේම නිරිතදිග මෝසම හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවද සඳහන් වනවා.

    Latest News