කාර්යාලයේ දී මරණය තරණය කරන කෝපි

ජූලි 16, 2024

    ලොව පුරා සිටින බිලියන සංඛ්‍යාත ජනතාවක් දවස උද්‍යෝගයෙන් ගත කිරීමේ වගකීම කුඩා කෝපි කෝප්පයකට පවරනවා.

    ඉතියෝපියාවේදී කුඩා බීජයක් වශයෙන් සුළු පරිමාණයෙන් ආරම්භ වී ලොව පුරා ඩොලර් බිලියන ගණනක කර්මාන්තයකට හිමිකම් කියන පානයක් ලෙසයි කෝපි හැඳින්වෙන්නේ.

    රටවල් 70කට අධික ප්‍රමාණය කෝපි වගාව විසිරී පවතිනවා. ලතින් ඇමෙරිකාව, අග්නිදිග ආසියාව,දකුණු ආසියාව සහ අප්‍රිකාව යන ප්‍රදේශ කෝපි සඳහා යෝග්‍ය රටවල් ලෙසයි, හැඳින්වෙන්නේ. කෝපිවල සැළකිය යුතු ප්‍රමාණයක් කැෆේන් අඩංගු වනවා.

    දිනකට පැය හයකට වැඩි කාලයක් අසුන් ගෙන සිටින රැකියාවක් කරන පුද්ගලයෙක්ට දෛනිකව එක් කෝපි කෝප්පයක් හෝ පානය කිරීමෙන් ජීවිත අවදානම අඩුකරගත හැකි බව චීන වෛද්‍ය විද්‍යාලයක් කළ පර්යේෂණයකින් දැන් අනාවරණය වී තිබෙනවා.

    පුද්ගලයකු දිනකට පැය හයකට වැඩි කාලයක් අසුන්ගෙන සිටීමෙන් දිගුකාලීනව බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින අතර කෝපි පානය මගින් සිරුරේ ජෛව රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත ගැටලුවල අවදානම අඩු කරන බවයි, පර්යේෂකයින් පෙන්වා දී තිබෙන්නේ.

    මෙය හෙළි වී ඇත්තේ අමෙරිකානුවන් 10,000කට වැඩි පිරිසක් යොදාගෙන වසර 13ක් තිස්සේ සිදුකළ පර්යේෂණයකට අනුවයි.

    "මේ කාලේ හුඟක් අයට තියන ලෙඩක් නින්ද නොයෑම. ඔයාටත් නින්ද යන්නේ නැත්තං, කෝපි බීම අඩු කරන්න. කෝපිවල අඩංගු කැෆේන්වලින් සිද්ධ වෙන්නේ අපිව අවදියෙන් තැබීම. ඒ නිසා විශේෂයෙන් හවස් කාලයට සහ රාත්‍රී කාලයට කෝපි බීමෙන් වැළකෙන එක වඩා හොඳයි. " ඒ විශේෂඥයින්ගේ මතයයි. කැෆේන් උත්තේජකයක් නිසාවෙන් සෑම කෙනෙකුම එයට වෙනස් ආකාරයකින් ප්‍රතිචාර දක්වනවා.

    ඒ විතරක්ම නෙවෙයි, දියවැඩියාව, අක්මා රෝග, සමේ පිළිකා, ඇල්සයිමර් වගේ රෝගවලට ඔසුවක් විදිහටත් දැන් කෝපි සැළකෙනවා. කෝපිවල ප්‍රතිඔක්සිකාරක බහුලයි. විවිධ රෝගවලට එරෙහිව ධනාත්මකව ක්‍රියාත්මක වන්නේ මේ සංයෝගයි.

    කෝපිවලින් එන මිහිරි සුවඳ මෙන්ම ශක්තිජනක බව නිසාම සමහරු කෝපිවලට ඇබ්බැහි වෙනවා. මේ නිසා කෝපිවල හොඳ නරක ගැන තියෙන්නේ මිශ්‍ර අදහසක්.

     
    Last modified on අඟහරුවාදා, 16 ජූලි 2024 10:06

    Latest News