බලපත්‍ර රහිත පිටතදහන යන්ත්‍රයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් මන්නාරම, වන්කාලෙයිපාඩු ප්‍රදේශයේ දී නාවික හමුදා බාරයට ගැනිණ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිශ්‍රයේ සිදු වූ අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඇතිමලේ,කොටියාගල රෑනත්තගල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී වියලී ගංජා කිලෝග්‍රෑම් තුන්දහස් දෙසිය තිහක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීම සිදුකළේ උඩවළව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් විසින්.
මීගමුව,පෙරියමුල්ල ප්‍රදේශයේ දී හෝටලයක් තුළ ඇති වු ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමට ආදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මහරගම පොලිස් වසමේ පසුගිය 8 වැනිදා පොලීසිය විසින් වටලන ලද ෆේස්බුක් සාදය සංවිධාන කළ පුද්ගලයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණ.
කැනඩාවේ උස්ස අධ්‍යාපන කටයුතු සදහා යන බව පවසා ව්‍යාජ ලේඛන සකස් කර මුදල් වංචා කිරීම හා ඊට අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
යක්කල ප්‍රදේශයේ කාන්තාවකගෙන් කප්පම් මුදලක් ලබාගැනීමට උත්සහ කළ සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට අවේණික කෘමින් ශාක හා බීජ වර්ග රැස් කරමින් සිටිය දී අත්අඩංගුවට ගැනුණු රුසියානු ජාතිකයින් තිදෙනා ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
කොළඹ ප්‍රධාන පෙලේ කාන්තා විද්‍යාලයකට බලහත්කාරයෙන් කඩා වැදුණු පාසල් සිසුන් 20 දෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල විසින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සිදුකළ සත්‍යග්‍රහය සම්බන්ධයෙන් හිමිවරුන් දෙදෙනෙක් ඇතුළු ශිෂ්‍යයන් විසි දෙදෙනෙක් අද උදෑසන අත්අඩංගුවට ගැනිණ. ඒ බොරැල්ල පොලීසිය විසින්.