රැඳවියන්ට අද විශේෂ අවස්ථාවක්

ජූලි 16, 2024
    අදට යෙදී ඇති 119 වැනි බන්ධනාගාර දිනයට සමගාමීව රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

    ඒ අනුව අද (16) දිනය තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්රව්ය එක් රැඳවියෙකුට ප්රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව ලබාදී ඇති බවයි, බන්ධනාගාර මාධ්ය ප්රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කරන්නේ.

    අද උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා මෙම විශේෂ වැඩසටහන ක්රියාත්මකයි.

    Latest News