16කට මරු කැඳවූ ගින්න

ජූලි 18, 2024
    නිරිත දිග චීනයේ සීචුආන් ප්‍රදේශයේ මහල් 14 කින් යුත් සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව, එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
    අනතුරෙන්, පුද්ගලයින් 30 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බවයි, වාර්තා වන්නේ.
    ගින්නත් සමග දැඩි දුමාරයක් පැතිර ගොස් තිබුණා. ආරක්ෂක අංශ ගින්න මැඩපැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් ගෙන ඇති අතර, එය ඊයේ රාත්‍රිය පුරා ක්‍රියාත්මක වූ බවයි, වාර්තා වන්නේ.
    ගිනි නිවන ආරක්ෂකයින් 300 කට ආසන්න සංඛ්‍යාවක් ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා තිබූ බවයි, බලධාරීන් ප්‍රකාශ කරන්නේ.
    ගින්නට හේතුව නිශ්චිත වශයෙන් හඳුනා ගෙන නොමැති අතර, එය ඉදිකිරීමේදී තාක්ෂණික දෝෂයක් මත සිදු වූවක් බවටයි, මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
     

    Latest News