ජනපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම ගැන දැනුම්දීමක්

ජූලි 26, 2024

    ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම මගින් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    ඒ අනූව අද (26) දිනයේ පෙරවරු 8.30 සිට අගෝස්තු මස 14 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා (සෙනසුරාදා හා ඉරිදා දින හැර) ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

    ඒ අනුව, අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 50,000ක මුදලක් තැන්පත් කළ යුතු වනවා.

    අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 75,000ක මුදලක් ද, ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

    E 02

     

    Latest News