විදුලි බිලට දැනෙන වෙනසක්, 22.5% ක අඩු වීමක්

ජූලි 15, 2024
    මෙම වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය 22.5%ක් බව මහජන උපයෝගීතා කොමිසම මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළා.

    විශේෂ මාධ්ය හමුවක් පවත්වමින් එහි සභාපතිවරයා සඳහන් කර සිටියේ, ගෘහස්ත විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩුකර ඇති බවයි.

    ඒ අනුව ගෘහස්ත විදුලි ඒකක 30 - 60ත් අතර අගය රුපියල් 20 සිට රුපියල් 9 දක්වා අඩුකර තිබෙනවා. එය 55% අඩුවීමක්.
     
    ඒකක 30ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත් අගය මීට පෙර පැවති රුපියල් 390 සිට රුපියල් 280ක් දක්වා පහත දමා ඇති බව ද මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළා.
     
    ඒකක 60ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත ඒ අනුව රුපියල් 1,140 සිට 700ක් දක්වා අඩුවී තිබෙනවා.
     
    ආගමික ස්ථානවල ද මීට සමගාමීව විදුලි බිල අඩුවෙන අතර ඒකක 90 දක්වා එක් ඒකකයක මිල රුපියල් 6ක් වේ.
     
    aaaaa
    Last modified on සදුදා, 15 ජූලි 2024 15:34

    Latest News