චීනයේ පාලමක් නඩා වැටීමෙන් 11ක් මියයයි

ජූලි 20, 2024
    වයඹදිග චීනයේ Shaanxi පළාතේ අධිවේගී මාර්ගයක් දිවෙන පාලමක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    පවතින අධීක වර්ෂාව සහ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පාලම කඩා වැටී ඇති බවද සඳහන් වනවා.

    අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බවයි චීන වාර්තා සඳහන් කරන්නේ.
    ගලවාගැනීමේ කණ්ඩායම් මැදිහත්වී පාලම කඩා වැටීම හේතුවෙන් ගඟට පෙරළී තිබූ වාහන 05ක් සොයාගෙන තිබෙනවා.
    අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන් වී සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Latest News