update-ඇඳිරි නීතිය කැඩූ 1754ක් අත්අඩංගුවට

මාර් 23, 2020

    update- (2020.03.23 පෙ.ව 11.15)

    ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1754ක් හා යතුරුපැදිය,ත්‍රීරෝද රථ ඇතුළු අනෙක් වාහන 447ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පසුගිය 20 වැනිදා ප.ව 6.00 සිට පනවන ලද ඇඳිරි නීතිය අද (23) උදෑසන 6.00 දක්වා කාලය තුල දී දිවයිනේ විවිධ ස්ථානවලින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවිය.

    (2020.03.23 පෙ.ව 8.05)

    පසුගිය සිකුරාදා සවස 6.00ට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගෙවුණු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1589 දෙනෙකු හා වාහන 362ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    මාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධවයි ඒ අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

    මීට අමතරව ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් එක් රැස්ව මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, ආපන ශාලා විවෘතව තැබීම, බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම් හා වෙළඳාම් කිරීම යන සිද්ධිවලට අදාළවද පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

    Last modified on සදුදා, 23 මාර්තු 2020 11:14

    Latest News