වෙඩි තැබීමට මිනිත්තු 2කට පෙර ?

ජූලි 16, 2024

    අමෙරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමට මිනිත්තු දෙකකට පෙර තුවක්කුකරු වහලයට නගින අයුරු දැක්වෙන නවතම වීඩියෝවක් ABC ප්‍රවෘත්ති සේවය විසින් ප්‍රචාරය කිරීමත් සමග සිද්ධිය සම්බන්ධව නැවත ජනතා අවධානය යොමු වී තිබෙනවා.

    ඒ තුවක්කුකරු වහලයට නැගීමත් සමග අවට සිටි පිරිස පොලිස් නිළධාරීන්ට අනතුරු අඟවා කෑ ගසන අයුරු එම රූප රාමු වල දර්ශනය වීමත් සමගයි.

    විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නේ එම ගොඩනැගිල්ල තුළද ආයුධ සන්නද්ධ පොලිස් නිළධාරීන් ස්ථාන ගත කර සිටි බවයි.

    වෙඩි තැබීමට මොහොතකට පෙර ප්‍රාදේශීය පොලිස් නිළධාරියෙකු වෙඩික්කරු තෝමස් කෲක්ස් නැග සිටි වහලය මතට නැග ඔහුව වැළැක්වීට උත්සාහ දැරූ බවත් එම අවස්ථාවේදී වෙඩික්කරු පොලිස් නිළධාරියාට වෙඩි තැබීමට ප්‍රයත්න දරා ඇති බවත් බට්ලර් නග‍රයේ කළමණාකරු ටොම් නයිට්ස් ප්‍රකාශ කරනවා.

    තුවක්කුකරුට පොලිසියෙන් සිදුවූ බාධා කිරීමත් සමග ඝාතන තැත ව්‍යර්ථ වූවාද ?

    Last modified on අඟහරුවාදා, 16 ජූලි 2024 13:15

    Latest News