කෝපා අමෙරිකා ශූරතාවය ආජන්ටිනාවට

ජූලි 16, 2024

    කොලොම්බියාව 1-0 ක් ලෙස පරාජය කරමින් 48 වන කෝපා අමෙරිකා තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ආජන්ටිනා කණ්ඩායම ඊයේ සමත් වුනා.

    තරගයේ නියමිත කාලය අවසන් වන තුරු කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට හැකි වූයේ නැහැ.

    අතිරේක කාලයේ 112 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ආජන්ටිනා ක්‍රීඩක ලෞටාරෝ මාර්ටිනස් ජයග්‍රාහී ගෝලය රැස් කළා.

    64 වන මිනිත්තුවේදී වළලුකර ආබාධයක් හේතුවෙන් නායක මෙසීට පිටියෙන් ඉවත් වීමට සිදුවූ අතර ඔහු හඬමින් ක්‍රීඩාගාරයේ සිටිනු දක්නට ලැබුණා.

    ෆ්ලොරිඩාවේ මියාමි ගාර්ඩන්ස් ප්‍රදේශයේ හාඩ් රොක් ස්ටේඩියම් හි පැවති තරගය නැරඹීමට පැමිණි දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් තෙරපීම හේතුවෙන් තරගය ආරම්භ වූයේ මිනිත්තු 80 ක් පමණ ප්‍රමාදයකින් පසුවයි.

    ආජන්ටිනාව ‍කෝපා අමෙරිකා ශූරයන් වූ 16 වන අවස්ථාව මෙයයි.

    Latest News