‍නොනවතින යුද්ධයෙන් පලස්තීනුවන් 90ක් මරුට

ජූලි 14, 2024
    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 90 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
    තවත් තුන්සිය දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි, ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
    ඊශ්‍රායල හමුදාව මානුෂිය කලාපයක් ලෙස නම් කර ඇති දකුණු ගාසා තීරයේ ඛාන්යුනිස් නගරය ආසන්නයේ පිහිටි අල් - මාවාසි ප්‍රදේශයටයි ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
    ජ්‍යේෂ්ඨ හමාස් නායක මොහම්මද් ඩීෆ් සහ ඔහුගේ නියෝජ්‍ය රෆා සලාමා ඉලක්ක කර, මෙම ප්‍රහාර එල්ල වී තිබෙනවා.
    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ, ගුවන් ප්‍රහා‍රයෙන් හමාස් ප්‍රධානින් මියගිය බවට නිශ්චිතව පැවසිය නොහැකි බවයි.
    හමාස් සංවිධානය මූලිනුපුටා දැමිමට සිය ප්‍රහාර අඛණ්ඩව සිදු කරන බව ද ඊශ්‍රායල අගමැතිවරයා යළි කියා සිටියා.

    Latest News