''නිපා'' ඉන්දියාවම සලිත කරවයි

ජූලි 22, 2024
    නිපා වෛරසය වැළඳීමෙන් දරුවෙකු මියයාමත් සමග ඉන්දියාවේ කේරළ ප්රාන්තයට හදිසි තත්වයක් ප්රකාශයට පත් කෙරුණා.

    14 හැවිරිදි දරුවෙකු පසුගියදා මෙම වෛරසය ආසාදනයෙන් මිය ගියා.

    බලධාරීන් පවසන්නේ, වෛරසය වැළඳීමේ අධි අවදානමක් සහිත 60 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. ඔවුන් සියලු දෙනාම මේ වන විට නිරෝධායනය කර තිබෙනවා.‍‍
     
    ප්රාන්තයේ සියලු වැසියන්ට සෞඛ්ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ද බලධාරීන් දැනුම්දී තිබෙනවා.
     
    ලෝක සෞඛ්ය සංවිධානය පවසන්නේ, නීපා වෛරසය ඌරන් වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට වැළ‍‍දෙන බවයි.
     
    එය, වෛරසය ආසාදිතයෙකුගේ ආහාර මගින් සහ ආසාදිත පුද්ගලයින්ගෙන් තවත් අයෙකුට බෝවීමේ අවදානමක් පවතිනවා.

    Latest News