ලොව පුරා IT දෝෂයක්

ජූලි 19, 2024
    තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ලොව පුරා රටවල් රැසක බැංකු, සුපිරි වෙළෙඳසැල්, මාධ්‍ය ආයතන, ගුවන් සේවා සහ දුම්රිය සේවා රැසක් අඩාල වී ඇති බවයි, වාර්තා වන්නේ.

    ‍මේ හේතුවෙන් අමෙරිකාව, ස්පාඤ්ඤ, ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ගුවන් තොටුපොළ හි තාක්ෂණික බිඳ වැටීම් හේතුවෙන් ගුවන් ගමන් වාර රැසක් තාවකාලිකව අතිහිටුවීමට පියවර ගැනුණා.

    මේ වන විට ජර්මනිය තුළ රෝහල් කිහිපයක හදිසි සැත්කම් පවා අවලංගු කොට ඇති බවයි, වාර්තා වන්නේ.
    මයික්‍රොසොෆ්ට් ආයතනය, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ක්‍රවුඩ් ස්ට්‍රයික් සයිබර් ආරක්ෂණ මෘදුකාංග පද්ධතියේ සිදු ඇති ගැටලුකාරී තත්වයක් මීට හේතු වී ඇති බවයි.
    මෙම සමාගම් පවසන්නේ, මෙම හදිසි බිඳ වැටීම අවම කිරීමට සෑම ප්‍රයත්නයක්ම ගන්නා බවයි.
    ඔස්ට්‍රේලියාවේ ස්කයි නිව්ස් සජීවී විකාශන ආයතනයේ විකාශන කටයුතු ඇන සිට තිබූ අතර, මේ වන විට යාවත්කාලීන කර ඇති බවයි, වාර්තා වන්නේ.
    කෙසේ වෙතත්, බී බී සී පුවත් සේවයට අයත්, සී වී වී සී ළමා පුවත් සේවය, තවදුරටත් අක්‍රියතාවක පවතින බවයි.

    Latest News