ගත වූ පැය 24ට ඇඳිරිනීතිය කැඩූ 1,015ක් අත්අඩංගුවට

අප්‍රේ 02, 2020

    ගත වු පැය 24 ක කාලය තුළ එනම් ඊයේ (01) උදෑසන 6.00 සිට අද (02) උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1015ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

    එම කාලයේ දී වාහන 254 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
    මේ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු 20 වැනි දින සිට අද දක්වා පුද්ගලයින් 9466 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සමස්ත වාහන සංඛ්‍යාව 2332 ක් බව ද සදහන් වේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 08:31

    Latest News