20 - 20 ආසියානු කාන්තා සටනේ පළමු ජය නේපාලයට

ජූලි 19, 2024

    ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය ජයගැනීමට නේපාල කණ්ඩායම සමත් වුණා.  

    ඒ, එක්සත් අරාබි එමීර් රාජ්යමය කඩුලු 6කින් පරාජය කරමින්. රටවල් 8ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලානය අද ආරම්භ වුණේ, දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ආරම්භක තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පන්දුවාර 20 තුළ කඩුලු 8කට ලකුණු 115ක් රැස් කළා. පිළිතුරු ලෙස ‍නේපාල කණ්ඩායම තරගය ජයගත්තේ පන්දුවාර 16යි පන්දුවකදී කඩුලු 4ක් දැවී ලකුණු 118ක් රැස් කරමින්.

    Latest News