හිරුණිකාට ඇප

ජූලි 22, 2024

    බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණ රාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

    2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමට ගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක නැමති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18 කට වරදකාරිය කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් තුන් ලක්ෂ හැටදහසක දඩයක්ද නියම කරනු ලැබුවා.

    එම දඬුවම්වලට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇපෑලක් ඉදිරිපත් කර ඇති නිසා අයව ඇප මත මුදා හරින ලෙස ඇයගේ නීතිඥවරු විසින් කළ ඇප ඉල්ලීමකට අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

    Last modified on සදුදා, 22 ජූලි 2024 09:52

    Latest News