එංගලන්තයේ කැළඹුණු කාලගුණය

ජූලි 15, 2024
    එංගලන්තය සහ වේල්ස් හි ප්‍රදේශ රැසකට අධික වර්ෂාවෙන් දැඩි බලපෑම් සිදු විය හැකි බවට බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා ඒකකය පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබෙනවා.

    පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්, ඉදිරි දිනවලදී අධික වර්ෂාව සමග බොහෝ ප්‍රදේශ නාය යෑමේ අවදානමට ලක්විය හැකි බවයි, වාර්තා වන්නේ.

    එරට කාලගුණ විද්‍යා අංශ මේ වන විට කහ අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කොට තිබෙනවා.
    අධික වර්ෂාපතනය හමුවේ පැය 3 ක කාලයක් තුළ මිලිමීටර 40 ක වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.
    ගිගුරුම් සහිත කුණාටු තත්වයත් සමග ප්‍රදේශ රැසක විදුලි විසන්ධි වීම් සහ ගමනා ගමනයට දැඩි බාධා ඇති විය හැකි බවට ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කරනවා.

    Latest News