ආසියානු කුසලානයට ජයග්‍රාහී ආරම්භයක්

ජූලි 21, 2024

    ‍ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය, කඩුලු 7 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරග වැදුණේ, බංග්ලාදේශ කණ්ඩායම සමගයි. තරගය පැවැත්වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

    පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම, පන්දු වාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 111 ක් රැස්කළා. නිගාර් සුල්තානා නොදැවී ලකුණු 48 යි. පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 17 කට කඩුලු 2 ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු වාර 17 යි, පන්දුවක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 114 ක් රැස්කරමින් තරගයේ ජය හිමිකර ගත්තා.


    විශ්මි ගුණරත්න ලකුණු 51 යි. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 33 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී බංග්ලාදේශ ක්‍රීඩිකා නහිඩා අක්ටර් ලකුණු 12 කට කඩුලු 3 ක් බිඳහෙලුවා.

    Latest News