ගිනිගත්හේනේදී ගිනි ගත් සුපිරි වාහනය

ජූලි 20, 2024

    පානදුර සිට නුවරඑළිය දක්වා ධාවනය වෙමින් තිබු මොටර් රථයක් ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදි අද (20) දින උදෑසන හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

    ගින්න හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද උදෑසන 11 සිට පැයක පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණහිට තිබූ බවයි ගිනිගත්හේන පොලීසිය පැවසුවේ.

    මොටර් රථයේ පස් දෙනෙකු ගමන් කර ඇති බවත්, ගින්න පාලනය කිරීමට උත්සාහ කල එක් අයෙකු පිලිස්සුම් තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

    ගින්න පාලනය කිරීමට පොලිසිය දැඩි උත්සහයක නිරත වුවද එය ව්‍යාප්ත වීම නිසා මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News