පොලිස්පති ගැන නියෝගය ලබන 24

ජූලි 19, 2024
    දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙනවා ද? නැද්ද යන නියෝගය ලබන 24 වනදා ප්රකාශයට පත්කරන බව ශ්රේෂ්ඨාධිකරණය නිවේදනය කළා.

    එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැත්ද? යන නියෝගයත් එදින ප්රකාශයට පත් කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා.

    කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබු පෙත්සම් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

    Latest News