ඇවිලෙන බංගලි

ජූලි 19, 2024
    බංග්ලාදේශය රජය, රට පුරා දැඩි ආරක්ෂක තත්වයක් ප්රකාශයට පත් කර තිබෙනවා. විශ්වවිද්යාල සිසුන් සහ එරට රජය අතර හටගෙන ඇති දැඩි අර්බුදකාරී තත්වය ඊට හේතුවයි.

    දෙපාර්ශ්වය අතර, හටගෙන ඇති ප්රචණ්ඩකාරී ක්රියා හේතුවෙන් මේ වන විට තිස්දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

    විරෝධතාකරුවන් ඊයේ එරට රාජ්ය රූපවාහිනී සේවය වන BTV ආයතනයට කඩාවැදී එහි කොටසක් ගිනි තබා, වාහන කිහිපයකටද හානි සිදු කොට ඇති බවයි වාර්තා වන්නේ.
     
    විරෝධතා පාලනය සඳහා මේ වන විට බංග්ලාදේශය තුළ අන්තර්ජාල පහසුකම් අක්රිය කර තිබෙනවා. ඊට අමතරව, ඩකා නගරය තුළ දුරකථන සේවාද සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙනවා.
     
    මේ වන විට එරට සියලුම පාසල් සහ විශ්වවිද්යාල දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.
     
    පවතින තත්වය හමුවේ එරට අග්රාමාත්ය ෂීක් හෂීනා ජාතිය අමතමින් ඉල්ලා සිටියේ, ප්රචණ්ඩ ක්රියාවලින් ඈත්ව සන්සුන් වන ලෙසයි.
     
    1971 වසරේ බංග්ලාදේශය පකිස්ථානයෙන් නිදහස ලබා ගැනීම සඳහා සටන් කළ යුද ප්රවීණයන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා රජයේ රැකියාවලින් සියයට 3 ක් වෙන් කොට තිබෙනවා.
     
    මෙම කෝටාව වහාම අවලංගු කරන ලෙස බල කරමින් විශ්වවිද්යාල සිසුන් විරෝධතාවේ යෙදී සිටිනවා. ඔවුන් කියා සිටින්නේ, දක්ෂතා පදනම හා සුදුසුකම් මත සිවිල් සේවයට බඳවා ගැනීමේ නීති ප්රතිසංස්කරණය කරන ලෙසයි.

    Latest News