සති 3ට සංචාරකයින් 127,925ක් මෙරටට

ජූලි 25, 2024
    මේ මස ගතවූ සති 03 තුළ සංචාරකයින් 127,925ක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
    ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 30,442ක් වනවා.

    ඊට අමතරව බ්‍රිතාන්‍ය, චීන, ජර්මනි, නෙදර්ලන්තය වැනි රටවලින් ද සංචාරකයින් දිවයිනට පැමිණ තිබෙනවා.

    ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 113,8174 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූලි 2024 18:29

    Latest News