වයස අවුරුදු 20 න් පහල ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට මීටර 400 හතර මිශ්ර සහය දිවීමේ කණ්ඩායම සමත් වුණා.

ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය සදහා සුදුස්සන් තේරීමේ තරගාවලිය අද ආරම්භ වනවා.

නෙත්මිකා මදුශානී හේරත් ඩුබායීහීදී පැවැත්වෙන ආසියානු 20න් පහළ මලල ක්රීඩා ශූරතාවයේදී කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් මීටර් 13.01ක පුද්ගලික හොදම දක්ෂතාවය සමග රිදී පදක්කම දිනා ගැනීමට සමත්වුණා.

‍‍චීන "එෆ් වන් ගෝන් ප්‍රි මෝටර් රථ තරගාවලියේ"  සුදුසුකම්  ලැබීමේ තරගයෙන් ජය හිමිකර ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩක  ‍මැක්ස් වෙස්ටපන් සමත්වුණා.

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ජයහිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ දිල්ලිහිදි.

ජාත්යන්තර එක්දින කාන්තා ක්රිකට් පිටියේ හොඳම හඹා යෑම වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඉතාලියේ රෝම නගරයේ පැවති ෆෝලෝරන්ස් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 150 ඉසව්ව ජය ගන්නට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වුනා.

වයස අවුරුදු 19න් පහළ තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග අද පැවති තරගය ලකුණු 108කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19 වන තරගය කඩුලු 6කින්  ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

2014 ‍වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය බංග්ලාදේශ‍යට හිමි වී තිබුණා.

තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ කිලෝ ග්රෑම් 55 බර පන්තියේ පස්වැනි ස්ථානය හිමි කර ගැනීමට ඩිලන්ක ඉසුරු කුමාර සමත්වුණා.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩක දිනේෂ් චන්දිමාල් මේ වන විට බංගලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගයෙන්, හදිසියේම ඉවත්වීමට තිරණය කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරනවා.
දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශයේ මීට සුළු මොහොතකට පෙර ලකුණු 178කට සියලුදෙනා දැවී ගියා.
බර ඉසිලීමේ කාන්තා ඉසව්වේන් නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්ව තිබෙනවා.

තම පළමු ටෙස්ට් ඉනිම 4දී ලොව වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව සම කිරීමට කමිදු මෙන්ඩිස් අද සමත් වුණා.

රාජස්ථාන් Win

මාර් 25, 2024
ඉන්දීය ප්රිමියලීග් තරගාවලියේ සිව් වැනි තරගය ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර සිල්හෙට් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අද අවසන් වූයේ ධනන්ජයද සිල්වා සහ කමිදු මෙන්ඩිස් ගෙන් ජගත් ටෙස්ට් ක්‍රිකට් පිටියට වාර්තා කිහිපයක්ම එක් කරමින්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගය, කඩුලු 4 කින් ජයගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

බංග්ලාදේශ තරග සංචාරයේ දී පාදයක ආබාධයකට ලක් වූ ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මදුෂංකට එළඹෙන ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) ක්රිකට් තරගාවලිය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයට පැමිණීමට සමත්ව තිබෙනවා.

Latest News