චීනයේ ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කෙරේ

ජූලි 18, 2024

    චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය නිමාවට පත් වේ. පසුගිය 15 වනදා ආරම්භ වූ එය අද (18) අවසන් විය. සැසිය පැවැත්වුණේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙනි.

    චීන මාදිලියේ නවීකරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා වන ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ යෝජනාව මෙහිදී සම්මත කිරීම විශේෂත්වයකි.

    මේ අයුරින් චීනය ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීමේ මූලික අරමුණ වන්නේ චීන ලක්ෂණ සහිත සමාජවාදය අඛණ්ඩව වැඩිදියුණු කිරීමයි.

    2035 වසර වනවිට, සෑම ආකාරයෙන්ම ගුණාත්මකභාවය හා චීන අනන්‍යතාව සහිත සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනැගීම, ජනතා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය, සුන්දර චීනය ගොඩනැගීම හා ජනතාවගේ උසස් දිවිපැවැත්ම සහතික කිරීම ද රටේ ප්‍රමුඛ අරමුණු අතර වන බව ද මෙහිදී ප්‍රකාශ කෙරිණ.

    ප්‍රතිසංස්කරණ යෝජනාවේ දක්වා ඇති සැලසුම්, 2029 වසරට යෙදෙන මහජන චීන සමූහාණ්ඩුවේ 80 වැනි සංවත්සරයට සමගාමීව සපුරාලිය යුතු බව ද මෙවර සැසියෙන් අවධාරණය කර ඇතැයි චීන මාධ්‍ය සමූහයේ වාර්තාවන්හි දැක්වේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූලි 2024 17:19

    Latest News