මෝරුන්ගේ ඇගේත් කොකේන්

ජූලි 24, 2024

    බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයට ආසන්න මුහුදු සීමාවෙන් අල්ලා ගත් මෝරුන් 13 ක් යොදා ගනිමින් සමුද්‍රජීවී විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කළ පරීක්ෂනයක් මගින් එම මෝරුන්ගේ මාංශ පේශී වල සහ අක්මාවේ කොකේන් අන්තර්ගත බව සොයා ගෙන තිබෙනවා.

    ඒවායේ සාන්ද්‍රණය අනෙකුත් ජලජ ජීවීන්ගෙන් වාර්තා වූ ප්‍රමාණයන් හා සන්සන්දනය කිරීමේදී සිය ගුණයකට වඩා වැඩි බවත් සඳහන් වනවා.

    මෙහිදී කොකේන් මත්ද්‍රව්‍ය නිපදවන නීතිවිරෝධී රසායනාගාර හරහා හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ මල මුත්‍ර හරහා ජලයට ඇතුළු වන බව විශේෂඥයන් විශ්වාස කරනවා. පර්යේෂකයන් පවසන්නේ, නැතිවූ හෝ ජාවාරම්කරුවන් විසින් මුහුදේ හෙළන ලද කොකේන් ඇසුරුම් ද මූලාශ්‍රයන් විය හැකි බවයි.

    කොකේන් මගින් මෝරුන්ගේ හැසිරීම වෙනස් කරන්නේද යන්න තහවුරු කර ගැනීමට වැඩිදුර පර්යේෂණ අවශ්‍ය වන බව පැවසෙනවා.

    කෙසේ වෙතත්, මීට පෙර කරන ලද පර්යේෂණයන් පෙන්වා දී ඇත්තේ මත්ද්‍රව්‍ය මිනිසුන්ට කරන ආකාරයටම සතුන්ටද බලපෑම් ඇති කළ හැකි බවයි.

    කොකේන් භාවිතයෙන් පසු අක්මාව මගින් නිපදවන බෙන්සොයිලෙක්ගොනින් ඇතුළු රසායනික සංයෝග පසුගිය වසරේ එංගලන්තයේ දකුණු වෙරළ තීරයෙන් රැස් කරන ලද මුහුදු ජල සාම්පලවල තිබී සොයා ගෙන තිබෙනවා.

    Latest News