ගේමි චීනයට ඇතුළු වෙයි

ජූලි 26, 2024

    ගෙමි සුළි කුණාටුවෙන් චීනයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

    ගිනිකොණදිග චීනයේ ෆූජියෑන් පළාතේ එක්ලක්ෂ 50,000 කට අධික පිරිසක් ආරක්ෂත ස්ථාන වෙත යොමු කරනු ලැබ සිටිනවා.


    සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ තායිවානයේ සහ පිලිපීනයේ ගංවතුර හා නාය අනතුරුවලින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.


    නැගෙනහිර සහ දකුණුදිග චීනයේ වෙරළබඩ ප්‍රදේශ සුළි කුණාටුවේ දැඩි බලපෑමට ලක් විය හැකි බවට ඊයේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා.


    චීන කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙන්නේ, ගෙමි සුළි කුණාටුව, මේ වසරේ එරටට බලපෑ තුන්වැනි දරුණුතම සුළි කුණාටු තත්වයක් බවයි.


    කාලගුණ විද්‍යා අංශ මෙය 4 වැනි මට්ටමේ සුළි කුණාටුවක් බවට ද පෙන්වා දෙනවා. මේ හේතුවෙන් හදිසි ආපදා තත්වයන් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අනුමාන කෙරෙනවා.

    Latest News