දයාසිරි ඉදිරිපත් කළ නඩු කැඳවීමට දින දෙයි

ජූලි 16, 2024
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගනු ලැබූ තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ පැමිණිලි දෙකක් ලබන 23 වන දා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

    මෙම පැමිණිලි වලට අදාළ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

    ඒත් විනිසුරුවරයා දැනුම් දුන්නේ වග උත්තරකාර පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද ලේඛන නඩු ගොනුවට ඇතුළත් වී නොමැති බවයි.
    ඒ අනුව අදාළේ ලේඛන ගොනු කිරීමට පාර්ෂවකරුවන්ට අවසර දුන් අධිකරණය නඩුව නැවත ලබන 23 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

    Latest News