කැනඩාවට දරුණු ලැව්ගිනි

ජූලි 26, 2024
    කැනඩාවේ ලැව්ගිනි තත්ත්වය මේ වන විට ඉතා බරපතල ‌වෙමින් පවතින බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.

    ඉතා වේගයෙන් පැතිර යන ලැව්ගිනි වලින් කැනඩාවේ ඓතිහාසික ජැස්පර් නගරයේ අඩක් පමණ විනාශ වී ඇති බවයි බලධාරීන් පවසන්නේ.

    ගිනි නිවන භටයින් හැකිතාක් ගොඩනැගිලි බේරා ගැනීමට උත්සාහ කලද ලැව්ගින්න තවමත් පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
     
    බටහිර කැනඩාවේ ජැස්පර් ජාතික වනෝද්යානයේ ප්රධාන නගරයෙන් අඩක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
     
    මරණ කිසිවක් වාර්තා වී නොමැති අතර, දශක ගණනාවක් තිස්සේ සංචාරකයින් අතර අතිශයින් ජනප්රිය වූ ඇල්බර්ටා පළාතේ කඳුකර ප්රදේශයෙන් සංචාරකයින් 20,000 ක් සහ පදිංචිකරුවන් 5,000 ක් ඉවත් කිරීමට බලධාරීන්ට සිදුව තිබෙනවා.

    Latest News