පැය 24ට මිනිස් ජීවිත 81ක්

ජූලි 18, 2024
    ගාසා තීරයට ඉකුත් පැය 24 තුළ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 81 දෙනෙකු මිය ගොස් ඇති බව, වාර්තා වනවා.

    එක්සත් ජාතීන්ගේ පලස්තීන නියෝජිතවරයෙකු වන රියාද් මන්සූර් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ප්‍රකාශ කරන්නේ, ගාසා තීරයට එරෙහි, ඊශ්‍රායල යුද්ධය, ඉතිහාසයේ වඩාත් විශාලතම ජන සංහාරය වන බවයි.

    මේ අතර, ගාසා තීරයේ වහාම සටන් විරාමයක් සම්මත කර ගැනීම සඳහා ඉකුත් මාස 4 තුළ පවත්වන ලද සාකච්ඡාවල ප්‍රගතියක් පවතින බව, යුනෙස්කෝ නියෝජිතවරයෙකු ප්‍රකාශ කරනවා.
    ඉකුත් ඔක්තෝබර් 7 වැනි දා සිට පලස්තීන භූමි ප්‍රදේශයේ සෞඛ්‍ය ඒකක දහසකට අධික ප්‍රමාණයකට ඊශ්‍රායල හමුදාව ප්‍රහාර එල්ල කර ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    Latest News