ලක් මව රනින් සරසන්නට කරාතේ සිසුවාට දුමින්දගෙන් අතහිත

ජූලි 10, 2024

    2024 දකුණු ආසියානු, ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ තරගාවලින් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිත සඳළු සතිෂ් බන්දුලට බර්ටි දිසානායක පදනම මගින් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.

    මේ මස 17 සිට 21 දක්වා භුතානයේ පැවැත්වෙන 8 වැනි දකුණු ආසියානු කරාතේ ශුරතාවලිය, නේපාලයේ පැවැත්වෙන ආසියානු කරාතේ ශුරතාවලිය සහ බංගලාදේශයේ පැවැත්වෙන පොදු රාජ්‍යය මණ්ඩලීය කරාතේ ශූරතාවලිය යන තරඟාවලීන් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම්.එස් සඳළු සතීෂ් බන්දුල ශිෂ්‍යා සුදුසුකම් ලබා තිබෙනවා.

    අදාළ තරඟාවලින් සඳහා තෝරා ගැනීම් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වනු ලැබූ සමස්ත ලංකා පාසල් කරාටේ තරගාවලියේ දී වයස අවුරුදු 18 න් පහළ තරඟයෙන් රන් පදක්කම දිනා ගැනීමට සඳළු සතිශ් බන්දුල ශිෂ්‍යා සමත්වුණා.

    සාමාන්‍යය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සඳළුට අදාළ තරගාවලි සඳහා සහභාගී වීමට ගුවන් ටිකට්පත්, ඇඳුම්- පැළඳුම්, නවාතැන් පහසුකම් සපයා ගැනීම ඇතුළු අවශ්‍යතා වෙනුවෙන් විශාල මුදලක් වැය වන අතර එම මුදල් සොයා ගැනීමට නොහැකි තත්වයකයි ඔවුන් පසුවන බවත් හැකි අයට ඒ සඳහා උපකාර කරන ලෙසත් ඔහු ඉල්ලීමක් කර තිබුණා.

    ඒ අනුව ඔහුට රුපියල් 25,000 ක මූල්‍ය පරිත්‍යාගයක් බර්ටි දිසානායක පදනමේ සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පිරිනමනු ලැබුවා.

    ඉදිරි ජාත්‍යන්තර තරඟාවලීන් ත්‍රිත්වයම ජයග්‍රහණය කර ලක් මවට කීර්තියක් රැගෙන එන ලෙස සඳළු සතීෂ්ට දුමින්ද දිසානායක මහතා ශුභාශිංසන එක් කරනු ලැබුවා.

    Latest News