ඇඳිරි නීතිය කැඩූ 790ක් අත්අඩංගුවට..වාහන 154ක්

මාර් 22, 2020

    දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධව පුද්ගලයින් 790 දෙනෙකු හා යතුරුපැදි, ත්‍රීරෝද රථ ඇතුළු අනෙකුත් වාහන 154ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මින් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ නිකරුනේ ගැවසීම සම්බන්ධවයි. මීට අමතරව, ක්‍රිඩා පිටියක පිරිසක් වශයෙන් එක් රැස්ව මත්පැන් පානය කිරීම, වාහන වලින් මාර්ගයේ ගමන් කිරීම,බීමත්ව මාර්ගයේ අසෝබන ලෙස හැසිරීම, වෙළදාම් කිරීම ආදී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කෙරේ.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පසුගියදා (20) වැනි දින ප.ව 6.00ට ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරුණු අතර එදින සිට අද (22) වැනි දින ප.ව 5.00 දක්වා කාලය තුල මෙම වැටලීම් සිදුකර තිබේ.

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 17:22

    Latest News