ඇඳිරිනීතිය කඩ කරමින් සාදයක් පැවැත්වූ 11කට මාංචු

මාර් 28, 2020

    මොරොන්තුඩුව,මහගෝනදූව ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය සාදයක් වටලා සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 715ක්, කේරළ ගංජා ග්‍රෑම් 26ක් හා මත් පෙති 72ක් හමුව තිබේ. ඔවුන් මොරොන්තුඩුව හා පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අද දින (28) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි. වැටලීම සිදුකළේ කළුතර දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින්.

    Last modified on සෙනසුරාදා, 28 මාර්තු 2020 10:07

    Latest News