එන්න බැරි නම් වන්දි ඕනේ

ජූලි 11, 2024

    ආරක්ෂක හේතූන් මත 2025 ශූරයින්ගේ කුසලානය සඳහා පකිස්තානයේ සංචාරය කිරීම ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.



    ඉන්දියාව සහභාගී වන තරග ශ්‍රී ලංකාවේ පවත්වන්නැයි ඉන්දීය ක්‍රිකට් බලදාරීන් ICC යෙන් ඉල්ලා තිබෙනවා..

    පකිස්තානය පවසන්නේ යම් හෙයකින් ඉන්දියාව පකිස්තානයේ සංචාරය නොකරන්නේ නම් ඒ වෙනුවෙන් වන්දියක් අය කළ යුතු බවයි.

    2025 වසරේ මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 9 වන වරටයි. වත්මන් ශූරයින්ගේ කුසලාන හිමිකරුවන් වන පකිස්තානය විසින් සත්කාරකත්වය දරණ තරගාවලිය 2025 පෙබරවාරි 19 සිට මාර්තු 9 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

    2016 දී, ICC විසින් නිවේදනය කළේ 2017 න් පසු මෙම තරඟාවලිය නොපැවැත්වෙන බවයි. කෙසේ වෙතත්, 2021 නොවැම්බරයේදී ඔවුන් නැවත නිවේදනයක් නිකුත් කරමින් ශූරයින්ගේ කුසලානය 2025 සිට නැවත පැවැත්වෙන බව තහවුරු කළා.

    Latest News