තාවකාලික තොටුපොළේ මෙහෙයුම් තාවකාලිකව නවතියි

ජූලි 19, 2024
    අමෙරිකානු හමුදාව ගාසා තීරයට ආධාර සැපයීම සඳහා භාවිත කළ තාවකාලික තොටුපොළෙහි මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ උද්ගතව ඇති කාලගුණික, තාක්ෂණික හා ආරක්ෂක ගැටලු මුල් කර ගනිමින්.

    සයිප්‍රසයේ සිට අදාළ සැපයුම් ආධාර අමෙරිකානු යාත්‍රා මගින් ඊශ්‍රායලයේ අශ්වොඩ් වරාය වෙත යවනු ලැබූ අතර, පසුව ඊශ්‍රායලයේ හරස් මාර්ගයක් ඔස්සේ උතුරු ගාසා තීරයට ලොරි රථ මගින් ප්‍රවාහනය කර තිබුණා.

    ඒ අනුව, මාස දෙකක කාලයක් තුළ ටොන් නවදහසකට අධික ආධාර තොගයක් ගාසා තීරය වෙත මෙම තොටුපොළ ඔස්සේ හුවමාරු කර තිබෙනවා.
    එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් මානුෂීය සංවිධාන ප්‍රකාශ කරන්නේ, තොටුපොළ හරහා සිදු කළ සියලුම සැපයුම් ගාසා තීරයේ මිලියන 2.2 ක අවතැන්වූ පිරිස් වෙත අවශ්‍ය ආධාරවලින් ඉතා සුළු කොටසක් පමණක් බවයි.
    ගාසා තීරයට ආධාර සැපයීමේ වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ක්‍රියාවලිය ගොඩබිම් මාර්ග ඔස්සේ එය සිදු කිරීම බව බලධාරීන් පෙන්වා දෙනවා.
    තාවකාලික තොටුපොළ දින 20 ක පමණ කාලයක් ක්‍රියාත්මක වූ අතර, අදාළ කලාපය තුළ වරින් වර වාර්තා වන අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් ඉකුත් ජුනි 28 වැනිදා සිට එම මෙහෙයුම් අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

    Latest News