ට්‍රම්ප් තම උප ජනාධිපතිවරයා නම් කරයි

ජූලි 16, 2024
    අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප්, තම උප ජනාධිපතිවරයා නම් කර තිබෙනවා. ඒ, රිපබ්ලිකන් සෙනෙට් සභික ජේ. ඩී. වෑන්ස්.

    ජේ. ඩී. වෑන්ස්, ඔහායෝ ප්රාන්තය නියෝජනය කරමින් සෙනෙට් සභාවට තේරී පත්වී සිටින මන්ත්රිවරයෙක්.

    2016 වසරේදී ඔහු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී දැඩි ලෙස ‌ෙඩානල්ඩ් ට්රම්ප් විවේචනය කර තිබුණා. ඔහු එහිදී කියා සිටියේ, තමා කිසිසේත් "ට්රම්ප්වාදියෙකු" නොවන බවයි. එසේම ට්රම්ප් යනු මෝඩයෙක් යනුවෙන් ද ඔහු සඳහන් කර තිබුණා.
     
    කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපය තුළ ඔහු විශාල ලෙස ට්රම්ප් මහතාට සහාය දක්වා ඇති අතර, මේ වන විට ඔහු අනාගත උප ජනාධිපති වශයෙන් නම් කිරීම දක්වා ඔහුගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා.
     
    විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ, ජේ. ඩී. වෑන්ස් උප ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම තුලින් ජනාධිපතිවරයාගේ ඡන්ද පදනමට වැඩි වාසි අත්වනු ඇති බවයි.

    Latest News