LPL ශූරතාවය උතුරට

ජූලි 22, 2024

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

    ඒ, අවසන් මහා තරගයේදී කඩුලු 9 කින් ගෝල් මාවල්ස් කණ්ඩායම පරාජය කරමින්.

    තරගය පැවැත්වුණේ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.

    පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල් මාවල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස් කර ගැනීමට හැකි වූයේ කඩුලු 6 ක් දැවී ලකුණු 184 ක් පමණයි.

    භානුක රාජපක්ෂ ලකුණු 82 ක් රැස් කළා.  පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 35 ට කඩුලු 3 ක් බිඳ හෙලුවා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 15 යි පන්දු 4 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 185 ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කළා.

    විශිෂ්ට පිතිකරණයක නියැලුනු රිලී රොසොව් නොදැවී ලකුණු 106 ක් රැස් කළා.

    ඔහුගේ ඉනිමට හයේ පයර 7 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත්.

    කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 72 ක් ලබා ගත්තා.

    පන්දු යැවීමේදී ඩ්වේන් ප්‍රේටෝරියස් ලකුණු 18 ට කඩුල්ලක් බිඳ හෙලුවා.

    Last modified on සදුදා, 22 ජූලි 2024 09:00

    Latest News