ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

ජූලි 15, 2024
    ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවට යටත්ව විභාගයට නොගෙන නිෂ්ප්රභ කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියම කළා.

    එම නඩු ගාස්තු ජුලි මස 31 වනදාට පෙර ගෙවිය යුතු බවත් නියෝග කෙරුණා.

    ඊට අමතරව අදාල පෙත්සම ඉදිරිපත් කළ නීතිඥ අරුණ ලක්සිරි මහතාට අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළා.

    Latest News