ඇඳිරි නීතිය කැඩූ 12,000ක් අත්අඩංගුවට

අප්‍රේ 04, 2020

    ඇඳිරි නීතිය උල්ලංඝනය කර දිවයින පුරා අත්අඩංගුවට පත් පිරිස 12,223 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    අත්අඩංගුවට ගැනීම් සිදුකෙරුණේ පසුගිය මාර්තු 20වැනිදා සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළයි. මෙම කාලය තුළ වාහන ද 3017 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

    ඊයේ (03) උදෑසන 6.00 සිට ගතවු පැය 24 ට පමණක් පුද්ගලයින් 1493 ක් අත්අඩංගුවට පත්ව ඇති අතර වාහන 360ක් පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    Last modified on සෙනසුරාදා, 04 අප්‍රේල් 2020 08:31

    Latest News