ශ්‍රී ලංකන් විකිණීම නවතියි

ජූලි 19, 2024
    ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් මෙතෙක් ක්‍රියාත්මකව පැවති ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වනවා.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය පවසන්නේ, පසුගිය ජූලි 09 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි.

    මෙම ලංසු කැඳවීමේ ක්‍රියාවලිය වෙනුවට විකල්ප ක්‍රමවේදයක් ඉදිරියේදී අනුගමනය කිරීමට රජය පියවර ගන්නා බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

    Latest News