රසවත්ම මාසයේ රසවත්ම දිනය අද බව ඔබ දැනන් සිටියාද?

ජූලි 21, 2024
    රසවත්ම මාසයේ රසවත්ම දිනය අද බවට ඔබ දැනන් සිටියාද ? 2024 වසරේ ජාතික අසිස්ක්රීම් දිනය අද.

    සෑම වසරක ජූලි මාසයේ 3 වැනි සතියට යෙදෙන ඉරිදා දින ජාතික අයිස්ක්රීම් දිනය ලෙස ලොව පිළිගෙන තිබෙනවා.

    ඒ අනූව, වඩාත් රසවත් සීතලකට පෙළඹවීමේ සමය නොහොත්, ජූලි මාසය අයිස් ක්රීම් මාසය ලෙස සමරනු ලබනවා.
     
    1984 හිටපු අමෙරිකානු ජනාධිපතිවරයෙක් වන රොනල්ඩ් රේගන් විසින් මෙම දිනය ප්රකාශයට පත්කර තිබෙනවා.
     
    අයිස් ක්රීම් සොයාගනු ලැබුවේ කවුරුන්ද යන වග සහ සොයාගත් වර්ෂය නියමිත ලෙසම පැවසීම අපහසු බව ඉතිහාසඥයන් පෙන්වා දෙනවා. නමුත් ක්රි.පු 200 දී පමණ චීන ජාතික ටැන්ග් ඔෆ් ෂෑන්ග් රජු කිරි සහ බත් මිශ්ර කර හිම තුල තබා ඒවා මුදවා ආහාරයට පත් බව ඔවුන් සඳහන් කරනවා.
     
    රෝම අධිරාජ්යයේ පාලකයන් ඔවුන්ගේ සේවකයෝ හිම කඳු මුහුන්වලට යවා පිරිසිදු හිම ගෙන්වා ඒවා රස ගන්වා ආහාරයට ගෙන බවත් සඳහන්. ඊට අමතරව මහා ඇලෙක්සැන්ඩර් රජු හිම සහ මී පැණි මිශ්ර කර ආහාරයට ගැනීමට ප්රිය කළ බවටද සාධක හමුවනවා.
     
    ක්රි.පූ 500 දී පර්සියන් වැසියන් අයිස්වලට මිදි යුෂ යොදා ග්රීක වැසියන් මී පැණි යෙදූ අයිස්ද ආහාරයට ගත් බව සඳහන්.
     
    වසර ගණනාවකට පසු මාර්කෝ පෝලෝ අයිස් ක්රීම්වලට සමාන Sherbet නම් ආහාර වට්ටෝරුව සමඟ ඉතාලියට පැණ තිබෙනවා. පසුව ජනතාව අතර සුප්රසිද්ධියට පත්ව තිබෙනවා.
     
    යළි වසර ගණනාවකට පසු එංගලන්තයේ චාල්ස් රජුගේ කෝකියෙක් ඉතාම රසවත් ලෙස කිරි යොදා අයිස් ක්රීම් සාදාගනු ලැබුවත් එම වට්ටෝරුව රහසක් ලෙස තබා ගන්නා ලෙස රජු කෝකියාට අණ කොට මුදල්ද ලබා දී තිබෙන බව ඉතිහාසයේ සඳහන්.
     
    නමුත් එම සිදුවීමෙන් පසු අයිස් ක්රීම් වට්ටෝරුව ලොව පුරා ව්යාප්තව ගොස් තිබෙන බවටයි සඳහන් වන්නේ.
     
    කෙසේ නමුත් 20 වැනි ශතවර්ෂයේ දී ශීතකරණ ව්යාප්තියත් සමග අයිස් ක්රීම් සෑම දෙනා අතරම ප්රසිද්ධ ආහාරයක් බවට පත්වනවා.
     
    එළකිරි, සීනි, බිත්තර මූලික අමුද්රව්ය ලෙස යොදා අයිස් ක්රීම් නිර්මාණය කරනවා. එය තව තවත් රස ගැන්වීමට සෝයා කිරි, අඹරාගත් කජු මද, පොල්කිරි, ආමන්ඩ් එක් කරනවා. කෙසේ නමුත් වැනිලා රසය අයිස්ක්රීම්වලට ප්රථම රසය බව නොරහසක්.
     
    චොක්ලට්, කොෆී, ස්ට්රෝබෙරි හා බෙරි වර්ග රැසකින් නිමැවුණු සිය ගණනකටත් වඩා රස වර්ගවලින් සැකසුණු අයිස්ක්රීම් මේ වන විට ලෝක වෙළෙද පොලේ දැකගත හැකියි.
     
    අයිස් ක්රීම්වලට බැලූ බැල්මට දැකකග නොහැකි එක් ප්රධාන අමුද්රව්යයක් තිබෙනවා. ඒ වාතය (air). වාතය අයිස්ක්රීම් මෘදු හා ක්රීම් කරන අතර එය අයිස් ක්රීම්වල මුළු පරිමාවෙන් 30 % සිට 50% දක්වා ප්රමාණයක පවතිවා.
     
    අයිස්ක්රිම්වල ඇලෙන සුලු ගතිය පවතින්නේ ඉමල්ෂන් වර්ගයකින්. ඉමල්ෂන් යනු සමාන්යයෙන් එකට මිශ්ර නොවන ද්රව්ය දෙකක එකතුවක්. අයිස්ක්රීම් මේද අණු, ජල, සීනි, අයිස් ව්යුහයක් තුල වායු බුබුළු සමග එකිනෙක අන්තර්ගතව පවතිනවා.
     
    කෙසේ නමුත්, කියවා අවසන් කළ නොහැකි අයිස් ක්රීම් කතාව, උණුසුම් වසන්ත සමයේ දී අයිස්ක්රීම් කවුන්ටර් ඉදිරියේ දිගු පෝලිම් ඇත්කරනවා.

    Latest News