සතොසෙන් සහනයක්

ජූලි 19, 2024

    ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා. අදාළ නව මිල ගණන් අද සිට ක්‍රියාත්මකයි.

    රුපියල් 1500 ක්ව පැවති උඳු කිලෝවක් රුපියල් 1400 දක්වා රුපියල් 100 කින් අඩු කර තිබෙනවා. සතොස ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක් රුපියල් 40 කින් අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

    ඒ අනුව, රුපියල් 950 ක්ව පැවති කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 910 ක් වනු ඇති. පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින් අඩු කර තිබෙනවා. රුපියල් 190 ක්ව පැවති එම කිලෝවක නව මිල රුපියල් 180 ක්. රුපියල් 265 ක්ව පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 5 කින් අඩු කෙරුණා.

    සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 4 කින් සහ කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 2 කින් පහත දමා ඇති බව ලංකා සතොස ආයතනය සඳහන් කළා.

    Last modified on සිකුරාදා, 19 ජූලි 2024 18:20

    Latest News