වැස්සේ වැඩිවීමක්

ජූලි 26, 2024
    සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද (26) දින විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වනවා.

    එහි තවදුරටත් දැක්වෙන්නේ බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින්විට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

    මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 50ක 55ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
     
    දිවයිනේ සෙසු ප්රදේශවල විටින්විට පැ.කි.මී. 30ත් 40ත් අතර තරමක තද සුළං ඇති වෙයි.

    Latest News