තීරණාත්මක පැය 24ක්

ජූලි 16, 2024
    ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    අරාබි මුහුදු ප්රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්රදේශවල ක්රියාකරන බහුදින ධීවර සහ නාවික ප්රජාව සඳහායි අද (16) උදෑසන 3.00ට එම නිවේදය නිකුත් කර ඇත්තේ.

    සක්රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරබි මුහුදු ප්රදේශයේ (උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර නැගෙනහිර දේශාංශ 55 සහ 75 අතර මුහුදු ප්රදේශවල ) සහ බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ (උතුරු අක්ෂාංශ 12ත් 17ත් සහ නැගෙනහිර දේශාංශ 83 සහ 93ත් අතර මුහුදු ප්රදේශවල) ඉතා තද සුළං පැ.කි.මී. පැවතිය හැකි අතර මුහුදු ප්රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
     
    මේ අතර සක්රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
     
    එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.
     
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවේ.
     
    මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්ය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
     
    එමෙන්ම කාලගුණ විද්ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.

    Latest News