රබර් වගාව ආශ්‍රිතව කොළ හැලීයාමේ රෝගයක්

අගෝ 02, 2019

    මේ දිනවල රබර් වගාව ආශ්‍රිතව කොළ හැලීයාමේ රෝගයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය පවසයි.

    අසාමාන්‍ය ලෙස කොළ හැලීයාම පිළිබඳ තොරතුරු තමන්ට ලබාදෙන ලෙස එම ආයතනය රබර් වගාකරුවන්ගෙන් ඉල්ලා සිටී. මෙය “පෙස්ටලෝෂියෝප්සිස්“ නමැති දිලීරය හේතුවෙන් හටගන්නා රෝගයක් දැයි සැක පළ කෙරේ. වැසි සමයෙහි සාමාන්‍යයෙන් රබර් වගාවේ කොළ හැලීමේදී දක්නට ලැබෙන පත්‍ර නටුවේ අග පවතින කිරි බිංදුව දක්නට නොලැබීමත්, පත්‍රවල පවතින වලාකාර පුල්ලි සහිත බවත්, රෝග ලක්‍ෂණ ලෙස හඳුනාගෙන තිබේ. රෝගය පැතිරීම වැළැක්වීමට රසායන ද්‍රව්‍ය ඉසීම, වැටුණු පත්‍ර එකතු කොට පිලිස්සීම යනාදිය සිදුකළ හැකි බව, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය පවසයි.

    ආසාදනයට ලක්වූ පත්‍ර පොලිතීන් කවරයක බහා මුද්‍රා තබා එවන ලෙස, රබර් පර්යේෂණ ආයතනය වගාකරුවන්ට දැනුම් දෙයි.

    Latest News