මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 ඉක්මවයි

අගෝ 15, 2024
    මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,250,000 ඉක්මවා ගොස් තිබෙනවා.

    ඒ අනුව මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,271,432 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

    ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 237,649ක් වනවා.
     
    ඊට අමතරව රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය සහ ප්‍රංශය ඇතුළු රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයින් දිවයිනට පැමිණ තිබෙනවා.
    මේ අතර මේ මස මුල් දින 11 තුළ සංචාරකයින් 73,373 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News